Tuesday, May 21, 2024

General line - 0115112241

ජාතික ඩෙංගු ආවේක්ෂණ පද්ධතියක් හඳුන්වාදෙයි.




ඩෙංගු මදුරු මර්දන කටයුතු සහ ප්‍රතිකාර සඳහා යාවත්කාලීන කරන ලද ජාතික ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය දියත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද සිදුකෙරුණා.

ජාතික ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය හදුන්වාදීමට කටයුතු කර ඇත්තේ ජාතික ඩෙංගු මර්දන ඒකකයයි.

2011 වසරේදී වසංගත රෝග විද්‍යා අංශය විසින් රෝහල් 50 කින් මෙම ආවේක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, පසුව රෝහල් 155 ක් දක්වා එය වැඩිදියුණූ කර තිබෙනවා.

මෙතෙක් පැවැති මදුරු මර්දන ආවේක්ෂණ පද්ධතිය යථාවත් කරමින් මෙම නව ආවේක්ෂණ පද්ධතිය සකස් කොට ඇති අතර එමඟින් ආදාළ දත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, මහජන සෞඛ්‍ය කොට්ථාස, ග්‍රාම නිලධාරී කොට්ථාස දක්වා ඇතුළත් කිරීමේ හැකියාව පවතිනවා.

එම දත්ත තුළින් ඩෙංගු රෝගීන් හා පොකුරු රෝගීන් හදුනා ගැනීම, ව්‍යාප්තිය පිළිබඳ අවබෝධය ලබාගනිමින් කඩිනමින් මර්දන කටයුතු සිදු කිරිම, රෝගීන් කළමණාකරණය, ඩෙංගු ව්‍යාප්තිය හා රෝගීන් පිළිබද දෛනිකව වාර්තා ලබාගැනීම, එම දත්ත සිතියම් ගත කිරීම ආදී කටයුතු සිදු කර ගැනීමට හැකියාව පවතිනවා.

බස්නාහිර පළාත මුලික කරගෙන එහි නියමු ව්‍යාපෘතියක් අද සිට ආරම්භ කෙරුණු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.