Wednesday, May 22, 2024

General line - 0115112241

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලියට කැබිනට් අනුමැතිය




දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

ජනාධිපති කාර්යාලයේදී එම රැස්වීම පැවැත්වුණා. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර එම යෝජනාවලිය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් දැනුවත් කිරීමක් සිදුවූ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එම යෝජනාවලිය පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාව වෙත යොමුකර ලබන සෙනසුරාදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතයි.