Wednesday, May 22, 2024

General line - 0115112241

නව ගුවන් හමුදාපති වැඩ බාරගැනීමට සුදානම්




ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ දැනට කටයුතු කරන්නේ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේයි.

වත්මන් ගුවන් හමුදාපති එයාර්මාෂල් සුදර්ශන් පතිරණ එළඹෙන 30 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වනවා.