Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් දෙන්න ලෝක බැංකුව සූදානම්




ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් අනුමත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පවසන්නේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එය අනුමත කිරීමට නියමිතව තිබූ බවයි.

එලෙස යෝජිත අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය ආධාර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය අමෙරිකානු ඩොලර් මිලියන 250 බැඟින්වූ වාරික 02 ක් යටතේ හිමිවනු ඇති බව ද සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වූ පසුව ශ්‍රී ලංකාවට හිමිවන විශාලතම අරමුදල මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.