Monday, May 20, 2024

General line - 0115112241

මහබැංකු අධිපති සහ මුදල් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද පස්වරුවේ මුදල් පිළිබඳ කාරකසභාව හමුවට




දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව මහබැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, බැංකු ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ එම කාරකසභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව යම් ගැටළුවක් පවතින්නේ නම් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් පවතින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන යටතේ ණය කපා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට සිය පක්ෂය එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

 

ඔහු පෙන්වා දුන්නේ ජනතාවට අගතියක් නොවන අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිවුණා.

 

ඒ අනුව, අනිද්දා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තුවේදී රැස්වීමේදී එය විවාදයට ගැනීමට නියමිතයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත ද යොමු කරනු ඇති.