Monday, May 20, 2024

General line - 0115112241

කටුනායකින් ජපන් යන්න ගිය ගුවන් යානයක් යළි කටුනායකටම ගොඩබස්වයි




ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය, පැය 02 යි විනාඩි 25 ක කාළයක ගුවන් ගමනකින් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබෙනවා.

ඒ, කාර්මික දෝශයකට ලක් වීම හේතුවෙන්. එයාර්බස් වර්ගයේ එම ගුවන් යානය ඊයේ රාත්‍රී 08 යි 20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත්ව ගොස් තිබුණා.

එහෙත් එම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බව, තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම හේතුවෙන් ගුවන් නියමුවා විසින් මෙම ගුවන් යානය 10 යි 45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් බැස්සවීමට පියවර ගෙන තිබූ බවයි නෙත් නිවුස් කටුනනායක ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන් යානය තුළ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙකු සිට තබෙනවා.

එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමටයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පියවර ගෙන ඇත්තේ.