Monday, May 20, 2024

General line - 0115112241

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ




තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව 2022 මාර්තු 31 වනදා සිට 2023 ජුනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු වන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව එම කාලය අතර නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු වනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.