Monday, May 20, 2024

General line - 0115112241

බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්




රට මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව කටයුතු කරගෙන යාමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැදගත් බවයි ඔහු සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මේබව සඳහන් කළේ දේශිය  ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළීබඳ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්. 

එම මාධ්‍ය හමුවට එක් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ දැනට පවතින සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බවට සහතික වන බවයි.

දැනට පවතින සියලු භාණ්ඩාගාර බැඳුම්කර යළි රජයට ලබා ගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරන බව හා ඒවාට ලබා දෙන පොලි අනුපාත සම්බන්ධයෙන්ද  මහබැංකු අධිපතිවරයා එහිදී පැහැදිලි කළා. 

සති කිහිපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදු කර ජූලි මාසය ඇතුළත දේශිය  ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළා.