Tuesday, May 21, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයින් පත් කෙරේ




මැතිවරණ කොමිෂන් සභාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

අදාළ ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතා සහිත පුද්ගලයින් එලෙස අදාළ තනතුරු සඳහා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල් ටී බී දෙහිදෙණිය පත් කර තිබෙනවා.

එම කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ විමලසේන ගාර්දිය පුංචිහේවා, තයියමුත්තු තනරාජ් , මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලකයි. 

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර් එම් ඒ එල් රත්නායක පත් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස එම් ඒ පද්මසිරි , චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.