Tuesday, May 21, 2024

General line - 0115112241

රිළවුන් චීනයට යනවද නැද්ද ?




මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳව  ඇතැම් පරිසර සංවිධාන නීතිමය වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් දැනට එම වැඩපිළිවෙළ නැවතී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එහෙත් චීනයේ පුද්ගලික සමාගමක් තවමත් මෙරට රිලවුන් ලබා ගැනීම සදහා ඉදිරිපත් ව සිටින බවයි  ඔහු සඳහන් කළේ.

රිළවුන් චීනයට අපනයනය කිරීමේ වැඩ සටහන අතරමඟ නතර කර ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ දැනට ඇතැම් පරිසර සංවිධාන හා සත්ව සුබසාධන සංගම් විසින් එම වැඩ පිළිවෙළ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බවයි. 

වගාවන්ට සිදුවන වන සත්ව හානි වළක්වා ගැනීම සම්බන්ධයෙන් සියලුම පාර්ශවවලින් අදහස් හා යෝජනා විමසා සිටි බවත් ඇතැම් පරිසර සංවිධාන ඉදිරිපත් කළ යෝජනා මෙතෙක්  ක්‍රියාත්මක කර අසාර්ථක වූ යෝජනා බවත් අමාත්‍යවරයා පවසනවා.

එලෙස ඉදිරිපත් වී ඇති යෝජනා සතුන් පළවා හැරීම හා වනසත්ව හානි වළක්වා ගැනීමට සාර්ථක උපක්‍රම නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 ඒ අනුව, වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ප්‍රායෝගික නොවන ඵල රහිත යෝජනා මිස සාධනීය සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි යෝජනා කිසිවක් ඉදිරිපත් නොවුන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

චීන සමාගම මෙන්ම තවත් යුරෝපීය රටවල සත්වෝද්‍යාන කිහිපයක්ද මෙරට රිළවුන් ඔවුන්ට ලබා දෙන ලෙසට ඉල්ලිම් කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

එල්ල කළ බාධා හමුවේ සත්ව හානි  වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට තිබූ  වැඩපිළිවෙළ කඩාකප්පල් වූ බවද අමාත්‍යවරයා පවසනවා.

කළා. එබැවින් වගා හානි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග විමසා සිටිය යුත්තේ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වූ සත්ව සුබසාධන සංගම්වලින් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙරට රිළවුන් පිටරටට ලබා දිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූයේ නම් එම සතුන් මරණයට පත් නොවන බවත් ඔවුන්ට විදේශීය සත්ව උද්‍යානවල ආදරය හා කරුණාව මැද ජීවත්වීමට අවස්ථාව තිබු බවත් අමාත්‍යවරයා පවසනවා.

වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා මේවනවිට ගොවීන් තුවක්කු ඉල්ලා සිටින බවත් ඒ හමුවේ සතුන් මිය යාමේ අවස්ථාව පවතින බවත් සිය උත්සහය වූයේ  එය වළක්වා වළක්වා ගැනීම බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.