Wednesday, May 22, 2024

General line - 0115112241

නව ගුවන් හමුදාපතිවරයා පත්වීමේ ලිපිය භාරගනී




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබූ එයාර් මාෂල් උදේනි රාජපක්ෂ අද පස්වරුවේ සිය පත්වීම් ලිපිය භාර ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ජනාධිපති කාර්යාලයේදී නව ගුවන් හමුදාපතිවරයා වෙත ඔහුගේ පත්වීම් ලිපිය භාර දුන් බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි එම පත්වීම සිදු කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.