Friday, May 17, 2024

General line - 0115112241

පාකිස්තානයටත් IMFවෙතින් බිලියන 03 ක ණයක්




මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින පාකිස්තානය සඳහා ද අමෙරිකානු ඩොලර් බිලියන 03 ක ණය ආධාරයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. ඔවුන්ට මෙම ණය ආධාරය හිමිවන්නේ මාස 08 ක ප්‍රමාදයකින් පසුවයි.


1947 වසරේදී නිදහස ලැබීමෙන් පසු පාකිස්තානය මුහුණ දෙන දරුණුතම මුල්‍ය අර්බුදයට ඔවුන් මේ වන විට මුහුණ දෙමින් සිටිනවා.

ඉකුත් මැයි මාසය යනු පාකිස්තානයේ මෙතෙක් වාර්තාවූ ඉහළම උද්ධමනය සහිත මාසයයි. එහි අගය සියයට 38 ක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමේ අරමුණින් පාකිස්තානය ඉකුත් සඳුදා සිය බැංකු පොළී අනුපාතය සියයට 22 ක් දක්වා ඉහළ නංවනු ලැබුවා. 
2019 වසරේ එකඟවූ පරිදි ඩොලර් බිලියන 6 යි දශම 5 ක ණය පැකේජයකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි අනුමැතිය හිමිවුණා.

එහි කාලය අදින් අවසන්වීමට නියමිත අතර එම මුදලෙන් ඉතිරිවී ඇති ඩොලර් බිලියන 2 යි දශම 5 ක මුදල නිදහස් කරනු ඇති බවටයි පාකිස්තානය විශ්වාසය පළකර තිබුණේ.