Wednesday, May 22, 2024

General line - 0115112241

පෝලන්තයට යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ජූලි 7 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ




පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53ක් ලැබී තිබූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 07 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින්. සැකකාරිය වයස අවුරුදු 44ක්වන කොළඹ, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. පෝලන්තයට යවන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් සහ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළග තබා ගෙන සිට තිබෙනවා. ඇය විසින් පවත්වා ගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කීපයකට පෙර තහනමකට ලක් කර තිබූ අතර ඇයට එරෙහිව කඩුවෙල