Friday, May 17, 2024

General line - 0115112241

රුසියානු හමුදාව එපා කියූ වැග්නර්ට බෙලරූස් හමුදාව ලංවෙයි




ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කිරීම හේතුවෙන් රුසියාවෙන් පළවා හැරි වැග්නර් කුලී හමුදාවට බෙලරූස් රාජ්‍යය ආරාධනයක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලු‍කශෙන්කෝ වැග්නර් හමුදාවට ආරාධනා කර ඇත්තේ බෙලරූස් හමුදාවට යුධ පුහුණුව ලබාදෙන ලෙසයි


ඊයේ යෙදී තිබුණු බෙලරූස් නිදහස් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් සිදු කරමින් එරට ජනාධිපතිවරයා ඒ බව පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. තමන් වැග්නර් කුලී හමුදාවට බිය නොමැති බවත්, ඔවුන්ව බොහෝ කලක සිට හඳුනන බවත් ඔහු පවසා තිබෙනවා.
කෙසේවෙතත් රුසියාවෙන් පැමිණි වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් මේවනවිට රැඳී සිටින්නේ බෙලරූස් රාජ්‍යයේ බවටයි වාර්තා වන්නේ. වැග්නර් හමුදා සාමාජිකයින්ගෙන් කොටසක් යුක්රේනයේ සිය කඳවුරු තුළත්, තවත් පිරිසක් බෙලරූස් රාජ්‍යයේ කඳවුරු ඉදිකර ගෙනත් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.