Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රංශ පොලීසිය හා විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම්




පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීම හමුවේ ආරම්භ වූ ප්‍රංශයේ මහජන විරෝධතා මේවනවිට තවදුරටත් උත්සන්න වි තිබෙනවා. 05 වන දිනටත් ඊයේ රාත්‍රියේ ප්‍රංශයේ නගර රැසක විරෝධතාකරුවන් රැඳී සිටි අතර ඔවුන් කලහකාරී අයුරින් හැසිරෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 


විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හමුවේ මාර්සෙයිල් නගරයේ රැස්ව සිටි විරෝධතාකරුවන් ද පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව සඳහන්. මේ අතර විරෝධතාකරුවන් 1500 කට ආසන්න පිරිසක් මේවනවිට ප්‍රංශ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මියගිය තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණු අතර ඒ හමුවේ විරෝධතාකරුවන් කලහකාරී අයුරින් හැසිරෙන අයුරු දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 


මේ අතර පවතින තත්ත්වය හමුවේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් සිය විදෙස් සංචාර තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. සිදුකිරීමට නියමිතව තිබූ ජර්මානු සංචාරයක් ද එලෙස අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.