Friday, May 17, 2024

General line - 0115112241

පකිස්තානයට ගංවතුර බියක්




ඉස්ලාමාබාද් සහ රාවල්පින්ඩි නගරවල ප්‍රදේශ රැසක් ගංවතුර අවධානමකට මුහුණ දිය හැකි බව පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

ඒ හෙටින් ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙන මෝසම් වැසි හේතුවෙන්.

එලෙස තද වැසි ඇදහැලුන හොත් ඉස්ලාමාබාද්, රාවල්පින්ඩි, පෙෂාවර්, ගුජ්රන්වාලා සහ ලාහෝර් යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ බලධාරීන්ගෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අධික වර්ෂාව හමුවේ කයිබර් පක්තුන්ක්වා හි කඳුකර ප්‍රදේශවල ද නායයාමට ලක්වනු ඇතැයි බලධාරීන් බිය පළ කර තිබෙනවා.

පකිස්තානය මෙලෙස ගංවතුර අවධානමට මුහුණ පා සිටින්නේ ඉකුත් ඔක්තෝබර් මස බලපෑ ගංවතුරෙන් සිදුවූ අලාභය පියවා ගැනීමට නොහැකිව සිටියදීයි.

එම ගංවතුරෙන් පකිස්තානයේ ආර්ථිකයට සිදුවූ හානිය රුපියල් ට්‍රිලියන 3.2 ක් වන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1800 කට ආසන්නයි.