Monday, May 6, 2024

General line - 0115112241

ව්ලැදිමීර් පුටින්ට මෝදිගෙන් දුරකථන ඇමතුමක්




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ඉකුත් දා රුසියානු රජයට එරෙහිව රුසියාවේ කුලී හමුදාව වන වැග්නර් හමුදාව විසින් දියත් කළ කැරැල්ලෙන් අනතුරුවයි.

කෙස්වෙතත් මෙම දුරකථන සාකච්ඡාවේදී නායකයින් දෙපළගේ වැඩි අවධානයක් යොමුව තිබුණේ යුක්රේන අර්බුධය සම්බන්ධයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ එම අර්බුධය  රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ඔස්සේ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සුදුසුම පියවර බවයි.

ඊට අමතරව ගෝලීය හා කලාපීය වශයෙන් දෙපාර්ශවයට එල්ල වන අභියෝග පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම වැග්නර් කැරැල්ලට මුහුණ දුන් ආකාරය පිළිබඳව ද රුසියානු ජනාධිපතිවරයා එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති අතර රුසියාවට අඛණ්ඩව සහය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.