Monday, May 20, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ ජය ඉන්දියාවට




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ ජය හිමි කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, ලකුණු 141කින්. තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 150ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 421ක් රැස් කර සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යශෂ්වි ජයිස්වාල් ලකුණු 171ක් රැස් කළා. නායක රෝහිත් ශර්මා ලකුණු 103යි. විරාට් කෝලි ලකුණු 76ක් රැස් කළා. 
කෙසේ වෙතත් දෙවනි ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 130ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 71කට කඩුලු 7ක් දවා ගැනිමට සමත් වුණා. ඔහු පළමු ඉනිමේදීද ප්‍රතිවාදී කඩුලු 5ක් බිඳ හෙලුවා. ඉන්දියාව වෙනුවෙන් ලකුණු 171 රැස් කළ යශෂ්වි ජයිස්වාල් තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.