Tuesday, May 21, 2024

General line - 0115112241

සති 02 කින් තිරිගු පිටි හිගයක් එන ලකුණු




තිරිගු පිටි ආනයනයට යළි අවසර ලබා නොදුනහොත් තවත් සති දෙකකින් පමණ මෙරට තිරිගු පිටි හිගයක් ඇතිවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ මෙරටට ආනයනය කර තිබූ තිරිගු පිටි සති 02 ක කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවයි.

තිරිගු පිටි ආනයනය නොකර මෙරට තිරිගු පිටි නිෂ්පාදනය කරන සමාගම් 02 හරහා තිරිගු පිටි බෙදාහැරීම සිදුකළ හොත් යළි තිරිගු පිටි මිල ඉහළ යා හැකි බවද එම ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමග සාකච්ඡා කළද තිරිගු පිටි ආනයනය කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.