Tuesday, May 21, 2024

General line - 0115112241

එළවලු හා පළතුරු බීජ කිලෝවක මිල රුපියල් ලක්‍ෂයක් දක්වා ඉහළ යාමට හේතුව




ආනයනික එළවළු සහ ඇතැම් පළතුරු බීජ කිලෝවක මිල රුපියල් ලක්‍ෂයට වැඩි මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂි විශේෂඥයින් පවසනවා.

රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබද ජේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ දේශීය බීජ නිෂ්පාදනය කිරීම සදහා නිසි යාන්ත්‍රණයක් රට තුළ නොමැතිවීම හේතුවෙන් ගොවීන්ට ඉහළ මිල ගණන් යටතේ ආනයනික බීජ මිළදී ගැනීමට සිදුව ඇති බවයි.


මෙරට කෘෂිකර්මාන්තය පිළිබද තීන්දු තීරණ ගන්නා පිරිසද බීජ ආනයනය කෙරෙන ව්‍යාපාර පන්තියට නතුවි ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

එවන් පසුබිමක් තුළ වෙළදපොළේ මේ වනවිට එළවළු හා පළතුරු අළෙවි වන්නේ ඉතා ඉහළ මිල ගණන් යටතේ බවයි නෙත් නිවුස් වෙත තහවුරු වුණේ.