Tuesday, May 21, 2024

General line - 0115112241

භික්ෂූන් වහන්සේලාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදය යළි සලකා බලන්නැයි ඇමති විදුර ඉල්ලයි




භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින කථිකාවත හා මතභේදාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස මහ නායක ස්වාමීන්වහන්සේලා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

කථිකාවත් පනත හා සංඝ අධිකරණ පනත කඩිනමින් ගෙන ඒම සඳහා සාකච්ඡා සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.