Tuesday, May 21, 2024

General line - 0115112241

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සභාපති දිවයිනට

ටී කේ ජී කපිල




ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති රුසියානු ජාතික උමාර් ක්‍රෙම්ලීව් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, දෙදින නිල සංචාරයක් සදහායි.  

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලීව් සමග ඔහුගේ බිරිඳ මෙන්ම ලෝක හෙවිවේට් බොක්සිං ශූර , 1988 සියොල් ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කම දිනූ රෝයි ජෝන්ස් ජූනියර් හා ජර්මනියේ වත්මන් ෆ්ලයිවේට් බොක්සිං ශූරියත් , ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂ , ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් ද පැමිණ තිබෙනවා.

ඔවුන් උමාර් ක්‍රෙම්ලීව්ට අයත් පෞද්ගලික ජෙට් යානයකින් තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ. 

එම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.