Tuesday, May 21, 2024

General line - 0115112241

දරුවන්ට නිසිකලට එන්නත් නොදීම හේතුවෙන් සමාජය තුළ විවිධ රෝග පැතිරීමේ අවදානමක්




දරුවන්ට නිසි කාලසීමාවේදී එන්නත් ලබා නොදීම හේතුවෙන් මේවනවිට සමාජය තුළ විවිධ රෝග පැතිරෙමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

එබැවින් එන්නත් ලබාගැනීමට බිය නොවන ලෙසත්, දරුවන්ට නිසි කාලය තුළ ලබාදිය යුතු එන්නත් ලබාදෙන ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මව්පියන්ට දැනුම් දුන්නා. එලෙස නෙකළහොත් සමාජයම අවදානමකට මුහුණපාන බවයි ඔහු සඳහන් කළේ. 


දරුවන් වැඩි වශයෙන් අනතුරුවලට මුහුණ දෙන්නේ ඔවුන්ට හිමිවන අවධානය අඩුවීම නිසා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

එබැවින් වැඩිහිටියන් දරුවන් කෙරෙහි වැඩි අවධානයක් ලබාදිය යුතු බව ද ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළා.