Tuesday, May 21, 2024

General line - 0115112241

පකිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද




සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ දිනය නිමා වන විට තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 242 ක් රැස්කර ගෙන සිටියා.

හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 94ක් රැස්කරමින් ධනංජය ද සිල්වා නොදැවී කඩුල්ලේ රැදීසිටිනවා.

අද දිනයේ තවත් ලකුණු 06ක් රැස්කළහොත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දසවන ශතකය වාර්තා කිරීමට ඔහුට හැකියාව පවතිනවා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 යි.

නිශාන් මදුෂ්ක ලකුණු 36ක් රැස්කර සිටියදී දැවී ගියා.

පිටියට පිවිසි සෙසු ක්‍රිඩකයින් සිව්දෙනාට ලකුණු 30 සීමාව පසු කර යාමට පකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ෂහීන් ෂා අෆ්රිඩී ලකුණු 63 ට කඩුළු 03 ක් දවාගෙන සිටිනවා.

නිශාන් මධුශංකගේ ඉනිම ලකුණු 04කට සීමා කරමින් ෂහීන් ෂා අෆ්රිඩී සිය සියවන ටෙස්ට් කඩුල්ල දවා ගනු ලැබුවා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.