Tuesday, May 21, 2024

General line - 0115112241

බැංකු විශේෂ විධිවිධාන පනතෙන් ගණදෙනුකරුවන්ට වන වාසිය

නිහාල් සිරි ගම්ලත




බැංකු විශේෂ විධිවිධාන පනත සමස්ත රටේම ආර්ථික ස්ථායිකරණයට ඉතා වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම පනත හරහා පන්කොටි හැත්තෑ දෙලක්ෂයක් වන තැන්පත්කරුවන් ද සුරක්ෂිත වන බවයි රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

බැංකු විශේෂ විධිවිධාන පනත මගින් බැංකුවලට පැවරෙන වගකීමක් සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

 

ඵ් අනුව මෙම පනත හරහා තැන්පත්කරුවන්ගේ තැන්පත්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ. 

 

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත  කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.