Saturday, July 27, 2024

General line - 0115112241

පකිස්තානයට ඵරෙහිව ධනංජයගෙන් විශිෂ්ඨ ඉනිමක්




සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද දිනයේ සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් වුණා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා රැස්කළ ලකුණු සංඛ්‍යාව 122ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ිඉනිම සදහා සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 312ක්. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් සහ සදිර සමරවික්‍රම ලකුණු 36ක් රැස්කළා.

කෙසේවෙතත් දැවී ගිය සෙසු ක්‍රීඩකයින්ට ලකුණු 30 සීමාව පසුකර යාමට පකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

පන්දු යැවීමේදි ෂහීන් ෂා අෆ්රිඩි, නසීම් ෂාහ් සහ අබ්රාර් අහමෙඩ් කඩුළු 03 බැගින් දවාගත්තා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.