Monday, May 20, 2024

General line - 0115112241

සා පෙළට පෙනි සිටීමෙන් අනතුරුව සිසුන්ට වෘත්තිය පාඨමාලා




සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී අභිමත වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දීම හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි කර දීමට ඉදිරියේ දී අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

උසස් පෙළ හැදෑරුවත් නැතත් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට එමඟින් ලබා ගත හැති බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

නිපුණතාවයෙන් හෙබි පිරිසක් බිහි කිරීම සඳහා පාසැල් පද්ධතියේද අවශ්‍ය කටයුතු සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

 

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.