Tuesday, May 21, 2024

General line - 0115112241

විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමට දින නියම වෙයි

උදයකුමාර




ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා සිදුකළ විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ, එම පෙත්සම්  ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබු අවස්ථාවේදියි.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙසයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය සඳහා මහජන උපයෝගිතා කොමිසමේ විධිමත් අවසරයක් ලැබී නොතිබූ බවයි.

ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගාස්තු ක්‍රමය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.