Tuesday, May 21, 2024

General line - 0115112241

මාර්තු 31 මිරිහානේ උද්ඝෝෂණයට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් නිශ්ප්‍රභා කෙරේ.

උදයකුමාර




පසුගිය වසරේ මාර්තු 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුරදී අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පුද්ගලයින් තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් එම පුද්ගලයන් තිදෙනා පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින්.

ප්‍රමෝද් එදිරිසිංහ, එච්.එම්. මොහොමඩ් සහ මොහොමඩ් තවුෆික් යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.