Sunday, September 22, 2024

General line - 0115112241

සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛයට එරෙහිව සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙයි - තීරණය පස්වරුවේ




මාධ්‍ය වෙත තොරතුරු ලබා දිම වාරණයට ලක් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කරන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලිමක් කරනවා.

එලෙස එම චක්‍රලේඛය ඉල්ලා අස් කර නොගතහොත් ඉදිරියේදී සියලු වෘත්තීය සමිති එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ජී ජී චමල් සංජීව පැවසුවේ.


යම් හෙයකින් වැඩ වර්ජනයක් සිදු කරන්නේ නම් එය ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ජී ජී චමල් සංජීව වැඩිදුරටත් පැවසුවේ.