Friday, May 17, 2024

General line - 0115112241

උසස් පෙළ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින ළමුන්ටත් වෘත්තීය පුහුණුව




උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින ළමුන්ටද වෘත්තිය පුහුණුව සහ තාක්‍ෂණික අධ්‍යාපනය ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් වෙනුවෙන් එම වැඩසටහන ලබන මාසයේදී ආරම්භ කරන බවයි. එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් පාසල්වල විනය ආරක්‍ෂා කර ගැනීමට  හැකිවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර පානීය ජලය සපයා ගැනීමේදී පාසල්වලට වැයවන මුදල රජයෙන් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.