Friday, May 17, 2024

General line - 0115112241

පාසැල් ජල බිල්පත් ගැනත් ජල සම්පාදනයෙන් තීරණයක්




පාසල් සඳහා නොමිලේ ලබා දෙන ජල සැපයුම පාසලේ කටයුතු නොවන කාර්යයන් සඳහා භාවිත කරන බවට නිරීක්ෂණය කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එබැවින් පාසැල්වල නියමිත ඒකක ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කරන ජල ඒකක ප්‍රමාණය සඳහා ඉදිරියේදී ගාස්තු අය කිරීමට කටයුතු කරන බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වානිජ පියල් පද්මනාථ සඳහන් කළේ.

හඳුනාගත් ප්‍රදේශ කිහිපයක ජල පාරිභෝගිකයින් සඳහා ඔක්තොම්බර් මස 1වනදා සිට අත්හදාබැලීමේ පදනම මත ජල බිල්පත වෙනුවට කෙටි පණිවිඩ සේවාවක් සහ ඊ බිල්පතක් ලබා දීමට තීරණය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.