Friday, May 17, 2024

General line - 0115112241

මාධ්‍ය මර්දනය ගැන වජිර කියූ දේ




ජාතික ආරක්ෂාව ක්‍රියාත්මක කළ හැක්කේ අවියෙන් නොව මොළයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී් වජිර අබේවර්ධන පවසනවා. ඒ, නාඋල - අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයක් අමතමින්. ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂය එල්ල කළ චෝදනා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වූවා.

ජනාධිපතිවරයා විසින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට හේතු වූ කරුණු පිළිබඳවද එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙහිදී අදහස් පළ කළා.