Friday, May 17, 2024

General line - 0115112241

යාල හා උඩවලව වනෝද්‍යාන වසා දැමීම ගැන තීරණය අද




පවතින  වියළි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමේ සූදානමක් පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසිමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අද දිනයේ වනජීවී අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

උඩවලව සහ යාල වනෝද්‍යාන සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමිම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් පවතින වියළි කාළගුණ තත්ත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන වසා දැමිය යුතු බවට මේවනවිටත් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සඳහන් කළේ.