Friday, May 17, 2024

General line - 0115112241

ගත වූ වසර 10 තුළ රටට අහිමි වූ වන සම්පත




පසුගිය වසර 10 ක කාලය තුළ මෙරට වනාන්තරවලින් අක්කර ලක්ෂ 5ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.

එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ මේවනවිට පවතින වියළි කාලගුණ තත්ත්වයට එම වන විනාශය ප්‍රධාන හේතුවක් බවයි.

මෙරට තුළ පැවති ජල උල්පත් රාශියක්ද වන විනාශය හේතුවෙන් මේවනවිට සිඳී ගොස් ඇති බවද ඔහු සඳහන් කළා.


රට සංවර්ධනය කරන බව පවසමින් වනාන්තර විනාශ කරන කණ්ඩායම් බලයට පත් කිරීමේ ප්‍රතිඵල ජනතාව මේවනවිට භුක්ති විදිමින් සිටින බවද සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළා.