Friday, May 17, 2024

General line - 0115112241

සමනල වැවේ ජලය කුඹුරු වෙත මුදා හැරීම ගැන තීරණය කැබිනට් මණ්ඩලයට




සමනල වැව ජලාශයෙන් ගොවීන්ට ජලය ලබා දීම සම්බන්ධයෙන් වන තීරණය පිළිබඳ අද රැස්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මහවැලි අධිකාරියේ නිලධාරීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹි බවයි. 

වසර 20කට පසු මහවැලි වලව කලාපයට බලපා ඇති නියඟය හේතුවෙන් මේවනවිට උඩවලව ජලාශයේ ජල මට්ටම තවදුරටත් පහළ බසිමින් තිබෙනවා.

අක්කර අඩි දෙලක්ෂ 17,800කින් යුත් උඩවලව ජලාශයේ ධාරිතාව ඊයේ වන විට අක්කර අඩි 1,331ක් දක්වා අඩු වි තිබෙනවා.

උඩවලව ජලාශයෙන් පෝෂණය වන කුඹුරු හෙක්ටයාර සංඛ්‍යාව 15,000ක්. කෙසෙල් සහ පැපොල් වැනි බහු ආර්ථික බෝග හෙක්ටයාර් 5,200ක්ද උඩවලව ජලාශයෙන් පෝෂණය වනවා.

උඩවලව ජලාශයට ජලය සපයා ගත හැකි විකල්පය ලෙසින් සැලකෙන සමනල වැව ජලාශයේ ජල ධාරිතාවයද ඊයේ වන විට සියයට 13යි දශම 2ක් දක්වා පහළ ගොස් තිබෙනවා.