Friday, May 17, 2024

General line - 0115112241

ජලය නොමැතිව ගොවින් හඬද්දී වලවේ අක්කර 2000ක් ජලයෙන් යට වෙයි




ප්‍රදේශ රැසක වී ගොවීන් නියගයෙන් පීඩාවට පත්ව සිටියදී කුඹුරුවලට ජලය වැඩිවීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳ නෙත්සැරයට වාර්තා වුණා.

වලවේ ගඟේ මෝය කට වැලිවලින් අවහිර හේතුවෙන් ලියන්ගස්තොට ව්‍යාපාරයේ සහ රිදියගම ව්‍යාපාරයේ අග කොටසේ ගොවි සංවිධාන 10 ක කුඹුරු අක්කර 2,000 ක් පමණ ජල ගැලීමට ලක්ව තිබෙනවා.

ඒ පිළිබඳ අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළ ද ඊට නිසි විසඳුම් නොලැබුණු බවයි ගොවීන් නෙත්සැරයට කියා සිටියේ.  

මෝය කට වැලිවලින් අවහිර වීම හේතුවෙන් ජලයෙන් යටවන කුඹුරු බේරාගැනීම සඳහා අදාළ බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු බව නෙත්සැරය සිහිකැඳවනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග දෙස නෙත්සැරය විමසිල්ලෙන්.