Friday, May 17, 2024

General line - 0115112241

උඩවලව ජලාශයේ ජල මට්ටම තවදුරටත් පහළට - නැරඹිමට පැමිණෙන ජනතාවට දැනුම් දීමක්




උඩවලව ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 926 දක්වා මේවනවිට පහළ ගොස් තිබෙනවා.

එය සියයට බින්දුවයි දශම 4යි 8ක ප්‍රතිශතයක්.

ජල ධාරිතාව අඩු වීමත් සමඟ උඩවලව ජලාශය නැරඹීමට පැමිණෙන ජනතාවගේ වැඩි වීමක්ද දක්නට ලැබෙන බවයි මේවනවිට එම ප්‍රදේශයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ප්‍රගීත් ජානක පැවසුවේ.  


මේ අතර සිය වගාවන් සඳහා උඩවලව ජලාශය හරහා ජලය නිකුත් කරන ලෙස ඉල්ලා වලව ව්‍යාපාරයේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය 15වන දිනටත් අද ක්‍රියාත්මකයි.

කුඹුරු සඳහා ජලය නිකුත් නොකිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසම හමුවේ අද පැමිණිල්ලක්ද ගොනු කළා.

ඒ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න. 


නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය වහා තක්සේරු කිරීම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකරට උපදෙස්  ලබා දී තිබෙනවා. 

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීි උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර විසින් එම උපදෙස් ලබා දුන් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

වගා හානි සඳහා ගොවීන්ට හෙක්ටෙයාර් එකකට ලබා දෙන රුපියල් ලක්ෂයක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවත් එම වන්දි  මුදල ඉහළ දැමිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහිදී පෙන්වා දී තිබෙනවා.

මේ අතර කුඹුරු සඳහා ජලය ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.