Friday, May 17, 2024

General line - 0115112241

පීටී සික්ස් වර්ගයේ ගුවන් යානා පියාසර කරවීම අත්හිටුවයි (VIDEO)




පීටී සික්ස් වර්ගයේ සියලුම පුහුණු ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ ඊයේ දිනයේ චීන වරායේදී එම වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් එම තීරණය ගනු ලැබූ බවයි. 

මේ අතර, එම ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර.