Friday, May 17, 2024

General line - 0115112241

බම්බලපිටියේදී සුරාබදු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගේ අවධානය




සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන්, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් බවයි. 

බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසලදී මෝටර් රථයකින් පැමිණී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිදුකළ වැටලමිකදී සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් එම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එම වැටලීමට සම්බන්ධ වූ සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

මේ අතර, බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුවද සඳහන් කළා.

අවශ්‍ය වුවහොත් එම නිලධාරීන් වෙනුවෙන් අධිකරණයේ වුවද පෙනී සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙකු නෙත් නිවුස් කළ කරණු විමසීමකදී කියා සිටියේ.