Friday, May 17, 2024

General line - 0115112241

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය




1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ මුදල්, ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි.

ඉදිරි වසර 04 ක කාලය තුළ දායකත්ව මුදල් මත හිමිවන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් සියයට 9 ක් විය යුතු බවට නියම කරමින් එම පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ. 


මේ අතර මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති දුර්වලතාවයන්ට විසඳුම් ලෙස ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි  කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.