Friday, May 17, 2024

General line - 0115112241

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක දෝෂයක් - සමනළ වැව ජලාශයෙන් ජාතික පද්ධතියට වැඩි දායකත්වයක්




නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක හට ගත් දෝෂයක් හේතුවෙන් එම යන්ත්‍රය අක්‍රීය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වන මෙගා වොට් ප්‍රමාණය 270 ක්. එහෙත් සමනල වැව ජලාශෙයන් උපරිම ධාරිතාවයෙන් විදුලි උත්පාදනය කිරීම හේතුවෙන් විදුලි සැපයුමට බාධාවක් නොවන බවයි විෂයභාර අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

කෙසේවෙතත් සමනළ වැව ජලාශයේ ධාරිතාව ප්‍රමාණවත් නොවන බැවින් ලබන 16 වනදා වනවිට විදුලිය මිලදී ගැනීම සඳහා අවශ්‍ය තීරණවලට එළඹ ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.