Friday, May 17, 2024

General line - 0115112241

ඉදිරි වසර 2ක ගැන විදුලිබල ඇමතිගෙන් සහතිකයක්




ඉදිරි වසර දෙක තුළ දීර්ඝ කාලීනව විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අනපේක්‍ෂිත අවස්ථාවලදී පමණක් කෙටි කාලීනව විදුලි කප්පාදුවක් පමණක් සිදුකිරීමට හැකි බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය සදහා වැය වන මුදල එකතුවන බැවින් සෑම බලාගාරයක්ම භාවිත කිරීමට හැකියාව පවතින බවද ඔහු කියාසිටියා.

ඉදිරි සැලසුම අනුව 2030 වසර දක්වා යටිතල පහසුකම් සංවර්ධනයට අමෙරිකානු ඩොලර් බිලියන 5 යි දශම පහක් අවශ්‍ය වන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පැවසුවා.