Friday, May 17, 2024

General line - 0115112241

කන්ටේනර් රථයක් දුම්රියක ගැටෙයි - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා




ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බව දුම්රිය පාළක මැදිරිය පවසනවා.

ඒ, අද උදෑසන මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයෙ දුම්රිය හරස්මාර්ගයකදී කන්ටේනර් රථයක්  දුම්රියක ගැටීම හේතුවෙන්.

පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක එලෙස කන්ටේනර් රථය ගැටී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු එම ස්ථානයෙන් සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පවතින අවහිරතා ඉවත් කර එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.