Friday, May 17, 2024

General line - 0115112241

අධික උණුසුමෙන් අමෙරිකාවේ 147 ක් මිය යයි




අධික උෂ්ණත්වය හමුවේ අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ උණුසුම් කාලගුණය හමුවේ අමෙරිකාවෙන් පුද්ගල මරණ 147 ක් වාර්තා වන බවයි.

කෙසේවෙතත් එරට කාලගුණ අංශ පවසන්නේ අපේක්ෂිත ප්‍රමාණයට වඩා ජන ජීවිතයට අධික උණුසුමෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට අමෙරිකාවේ ප්‍රාන්ත 03 කට, අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ, ඇරිසෝනා, නෙවාඩා සහ ටෙක්සාස් යන ප්‍රාන්තයි. අධික උෂ්ණත්වය හමුවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පුද්ගලයින් 103 දෙනෙකු මියගොස් තිබෙනවා.

නෙවාඩා ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 26 ක්. ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති අධික උෂ්ණත්වය හමුවේ පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.