Friday, May 17, 2024

General line - 0115112241

ජලය ලැබෙන තෙක් වලව ගොවීන් 17 වන දිනටත් සත්‍යග්‍රහයේ




සිය කුඹුරුවලට ජලය ලබාදෙන ලෙස බලකරමින් වලව ව්‍යාපාරයේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය 17 වන දිනටත් අද පැවැත්වෙනවා.

ඔවුන් කියා සිටියේ සමනළවැව ජලාශයෙන් ජලය නිකුත් කළද කුඹුරුවලට ජලය ලැබෙන තෙක් තමන් සත්‍යග්‍රහයේ නිරත වන බවයි.

සමනළවැව ජලාශයෙන් නිකුත් කරන ජලය වම් සහ දකුණු ඉවුරු හරහා මේ වන විට ගලාබසින බවයි අද උදෑසන එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ නෙත් නිවුස් වාර්තාකරු සුනිල් හරිස්චන්ද්‍ර පැවසුවේ.