Friday, May 17, 2024

General line - 0115112241

කැළණි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

රංජිත් රාජපක්ෂ




මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් කැළණි ගගේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇදහැලී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ ගිනිගත්හේන, ලක්ෂපාන, පොල්පිටිය සහ කිතුල්ගල යන ප්‍රදේශවලට එලෙස වැසි ඇදහැලුණු බවයි.

පැවති වියළි කාලගුණ තත්ත්වය හමුවේ එම ප්‍රදේශවල පානිය ජල ගැටළුවක්ද හටගෙන තිබුණා.