Friday, May 17, 2024

General line - 0115112241

13 අලුත් කරන ජනපතිගේ යෝජනාවලිය මැතිසබයට




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

පළාත් සභා ක්‍රමය කාර්යක්ෂම හා රටේ සංවර්ධනයට දායක වන ආයතනයක් බවට පත්කිරීම සඳහා ඉදිරියේදී නව පනත් කෙටුම්පත් කිහිපයක් ගෙනඒමටත්, නව ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටත් යෝජනා කරන බවද ජනාධිපතිවරයා  එහිදී කියා සිටියා. 

 

පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටද යෝජනා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ජනාධිපතිවරයාට මෙලෙස ප්‍රශ්ණයක් යොමුකළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.