Friday, May 17, 2024

General line - 0115112241

ෆවුසිගේ අනතුර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක්




ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ අඹේපුස්ස අතර දුම්රිය ධාවනයට පැවති බාධා ඉවත් කරමින් එක් මාර්ගයකින් මේ වන විට දුම්රිය ධාවනය සිදුකරනවා.

අනෙක් මාර්ගයේ පවතින අවහිරතා ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ගමනාගමන එන්.ජේ. ඉඳිපොළගේ පැවසුවේ.

පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වූ “පවුසි” නමින් හැඳින්වෙන දුම්රිය, මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයකදී  උදෑසන 5 යි 55 ට පමණ අනතුරට ලක් වුණා.

ඒ, ධාවනය වූ එම දුම්රියේ කන්ටේනර් රථයක් ගැටීමෙන්. මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පැය කිහිපයන් සම්පූර්ණයෙන්ම නතර වූ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ගමනාගමන එම්.ජේ. ඉඳිපොළගේ පැවසුවේ.

සිදුවූ එම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කළ බවත්, සිදුවූ අලාභය ඊට වගකිව යුතු පාර්ශවවලින් අයකගැනීමට පියවර ගන්නා බවත් ඔහු කියා සිටියා.

 

මේ අතර අදාළ කන්ටේනර් රථය පැදවූ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.