Friday, May 17, 2024

General line - 0115112241

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නියාමනයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවට චෝදනා




සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියාමනය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බව ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක පවසනවා.

ජාතික ආදායමෙන් වැඩි කොටසක් උපදවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නිසි වටිනාකමක් ද ලැබී නොමැති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ද එහිදී අදහස් පළ කළා.